සියවසකට පසු පෘථිවියේ වැඩිම උෂ්ණත්වය වාර්තා වෙයි

Picture of අසංක

අසංක

ගත වූ සියවසකට අධික කාලය තුළ පෘථිවියේ වැඩිම උෂ්ණත්වය, උතුරු කැලිෆෝ්ර්නියාවේ ” ඩෙත් වැලි” ජාතික උද්‍යානයෙන් ඊයේ දිනයේදී වාර්තා වී ඇත.

එම නිම්නයෙන් ඊයේ වාර්තා වී ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක 54.4 ක්වේ . අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය මගින් ස්ථාපිත කර ඇති ස්වයංක‍්‍රීය නිරීක්ෂණ පද්ධතියේ වාර්තාව අනුව එම ගණනය කිරීම් සිදු කර ඇත.

මීට පෙර පෘථිවියේ වැඩිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 56.7 ක උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ 1913 ජූලි මාසයේදීය. එය ද වාර්තා වී ඇත්තේ ඩෙත් වැලි හෙවත් මරණයේ නිම්නයෙන් වීම විශේෂත්වයකි .