කොරියාවේ සිටින ලාංකිකයන් මාස 2ක් තුළ දිවයිනට

Picture of අසංක

අසංක

සිය සේවා ගිවිසුම් කාලය අවසන් වී කොරියාවේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 1600 දෙනා මාස දෙකක් ඇතුළත ලංකාවට ගෙන්වා ගැනීමට කම්කරු අමාත්‍යාංශය පියවර යොදා ඇත.

මේ පිරිස දිවයිනට ගෙන්වා ගෙන ඔවුන් නිරෝධායනය කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන යොදා ගන්නා බවත්, ඔවුන්ට ආහාර හා සියළු පහසුකම් කාර්යාංශය මඟින් ලබා දීමට කටයුතු කරන බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මෙම පිරිස ගෙන්වාගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන්යානා යොදා ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

අද පෙරවරුවේ (18) කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ (HRDK) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත කිම් වොන් සොක් (Kim Won Seok) මහතා සමඟ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡවක දි මේ බව සඳහන් කළේය.

කොරියානු රැකියා අපේක්ෂිතයින් 200 දෙනෙකු පුහුණු කළ හැකි විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් ඉතාම ඉක්මණින් හෝමාගම ප්‍රදේශයේ පිහිට වීමටද අමාත්‍යවරයා මෙහිදී එකඟ විය. ඊට අවශ්‍ය පරිගණක ඇතුළු තාක්ෂණික පහසුකම් කොරියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට කිම් වොන් සොක් මහතා මෙහිදී එකඟතාවය පළ කළේ.