දෙහිවල Zoo එක කහපොළට

Picture of අසංක

අසංක

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල කහපොල ප්‍රදේශයට ගෙන යාම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.

මේ පිළිබඳව යෝජනා ඉදිරිපත්ව ඇති බවත් ඒවා අධ්‍යයනය කර සුදුසු තීරණයක් කඩිනමින් ගැනීමට පියවර ගන්න බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසීය.

සතුන් කුඩු කර නැරඹීමේ ක්‍රමවේදය වර්තමානයේදී යල් පැන ගිය ක්‍රමවේදයක් බැවින් සත්වෝද්‍යානය නවීන ලෝකයට ගැලපෙන පරිදි සැකසීම අත්‍යවශ්‍ය වන අතර සතුන්ට හිංසාවක් නොවන අයුරින් එය සිදුකළ යුතුව ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කර සිටියේය.

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ගේ කෑම බීම සහ වෙනත් අවශ්‍යතා සපුරාලීම සඳහා මාසිකව රුපියල් මිලියන 40 කට ආසන්න මුදලක් සහ සේවක වැටුප් සහ අතිකාල ගෙවීම සඳහා රුපියල් මිලියන 06ක මුදලක් වැය වන බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

දෙහිවල සත්වෝද්‍යානයේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට අවශ්‍ය කටයුතු යොදන ලෙසද මෙහිදී ඇමතිවරයා උපදෙස් ලබාදී ඇත.