මෛත්‍රී පාස්කු කොමිසමට එන්න බෑ කියයි – රනිල් දින වෙනස් කරයි

Picture of අසංක

අසංක

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකය වෙත අද කැඳවා තිබූ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දින පැමිණිය නොහැකි බවත් ඒ වෙනුවට ලබන 31 වෙනිදා ප්‍රකාශයක් දෙන බවත් දන්වා තිබේ.

නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා මේ වන විට එම විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණ සිටි.

කෙසේ වෙතත් ලබන 26 වැනිදා එම විමර්ශන ඒකකයට කැඳවා තිබෙන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ ලබාදීමට පැමිණිය නොහැකි බවට දන්වා තිබේ.

ඒ වෙනුවට එදින පැජට් පාරේ පිහිටි තම නිවස වෙත පැමිණ ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස කොමිසමේ විමර්ශන ඒකකයට දැනුම් දී ඇත.