හැටන් ලොක්ඩවුන්

Picture of අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදෙකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටි.

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 10 දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් හදුනාගැනිමත් සමග හැටන්, දික්ඔය නගරයේ සියළුම වෙලදසැල් විෂබිජහරණය සිදු කිරිම සදහා මේ වනවිට දින වසා දැමිමට පියවර ගෙන ඇත.

පෑලියගොඩ මත්සය වෙළඳ සංකීර්ණයෙන් මසුන් රැගෙනවිත් හැටන් මහජනපොලේ මසුන් අලෙවි කල වෙළඳෙකු හට පළමුව කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් පසු එම වෙලෙන්දා මේ වන විට පොලොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි ගල්ලැල්ල යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ කරා රැගෙන ගොස් ඇත.

එම වෙලෙන්දාගේ ආශ්‍රිතයින් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කල අතර එම ආශ්‍රිතයින් ගෙන් වෙලෙන්දාගේ පවුලේ සමජිකයන් සිව්දෙනෙකුට සහ හැටන් මහජන වෙලදපොලේ ව්‍යාපාරිකයින් 05 දෙනෙකුට සහ මාළු ව්‍යාපාරිකයාගේ රියදුරාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා කියා සිටියේය.

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින්ගේ ආශ්‍රිතයින් 200 කට ආසන්න පිරිසක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක්ව ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.