මෙරට පළමු රජයේ සුළං බලාගාරය අගමැති අතින් ජනතා අයිතියට

Picture of අසංක

අසංක

මෙරට රජයට අයත් පළමු සුලං බලාගාරය මෙන්ම මෙරට දැවැන්තම සුළං බලාගාරය සුලං බලාගාරය මන්නාරම් ප්‍රදේශයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ.

‘තම්බපවනී’ නම් මෙම ව්‍යාපෘතිය මගින් විදුලි ඒකකයක් රුපියල් අටකට නිපදවිය හැකි ය.

දැනට විදුලිය ඒකකයක් නිපදවනු ලබන්නේ රුපියල් 30 ක මුදලකටයි.

මෙගාවොට් 103ක ධාරිතාවක් පළමු අදියරේදී උත්පාදනය කිරීමට අපේක්ෂිතය.

මෙම බලාගාරය මුළුමනින් ම පාලනය කරනු ලබන්නේ ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලය විසිනි.

මෙම ව්‍යාපෘතියට මුල පුරා තිබුණේ 2013 වසරෙ වුවත් පසුගිය කාලය තුළ තුළ මෙම ව්‍යාපෘතියේ කටයුතු ඇණහිට තිබුණි.

මන්නාරම් සුළං විදුලි බලාගාරය මෙරට ජාතික ආර්ථිකයට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය හැරවුම් ලක්ෂයක් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ අවස්ථාවේ උත්සවය අමතමින් පැවසීය.