සවුදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 4000 ක් පමණ මේ වනවිට යලි මව්රටට යාමේ අපේක්ෂාවෙන් සිටින බවත් ඔවුන් ඉදිරි සති කිහිපය තුල කුඩා කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටී .

“පසුගිය සතියේ මෙලෙස ශ්‍රී ලංකාවට යාමට අපේක්ෂාවෙන් සිටි 391 දෙනෙකු , පිටත් කර යැවීමට අප කටයුතු කළා , එසේම මේ සතියේදී තවත් 50 දෙනෙකුට එම අවස්තාව ලබාදුන්නා . මේ සියලුදෙනාම ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අයත් යානා වලින් තමයි ප්‍රවාහනය කරන්නේ” යැයි වික්‍රමාරච්චි මහතා පැවසීය .
මෙම විශේෂ ගුවන් මෙහෙයුම් සඳහා සහය ලබාදෙන ශ්‍රී ලංකා ගුවන් සේවයේ රියාද් කළමණාකාර සඳුන් ජයසිංහ මහතාට හා එම කාර්යමණ්ඩලයට විශේෂ ස්තූතියක් පිරිනමන බවත් වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් පැවසීය .
