ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සම්මතයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව පැවැත් වූ දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් ඔහු  පරාජයට  පත්වී ඇත
ඒ අනුව  ඡන්ද 232 ට 197 ක් ලෙස ට්‍රම්ප් , දෝෂාභියෝගයෙන් පරාජය වී ඇති අතර මෙහිදී මන්ත්‍රීවරුන් 4 දෙනෙක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට ඇත

දෝෂාභියෝග ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය භාවිත කළේ ය.

අමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයකුට එරෙහිව දෙවරක්ම දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

කැපිටල් හිල් හෙවත් අමෙරිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් උසිගැන්වීමේ චෝදනා මත මෙම දෝෂාභියෝගය ගොනු කෙරුණි.

මින්පසු එම දෝෂාභියෝගය සෙනෙට් සභාව වෙත යොමු කෙරෙනු ඇති.

කෙසේ වෙතත් එම කටයුතු ලබන 20 වැනි දා ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වූ පසු ක්‍රියාත්මක කෙරෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඩිමොක්‍රැටික් පක්ෂ දේශපාලනඥ නැන්සි පොලෝසි සඳහන් කළේ, අමෙරිකාවට පැහැදිලි තර්ජනයක් එල්ලකරන ට්‍රම්ප් අනිවාර්යයෙන්ම බලයෙන් ඉවත්විය යුතු බවයි.