කොරෝනා තවමත් සමාජගතවී නැහැ!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුල කොරෝනා  වෛරසයේ සමාජ ව්‍යාප්තියක්  තවමත් සිදුවී  නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටී . සිදු කරන

රට තුල සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණවලින් 3.5% ත් 4% ත් අතර ප්‍රතිශතයක් පමණක් ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා බවත් , එම තත්වය , වෛරසය සමාජගතවීමක් ලෙස සැලකිය  නොහැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය

එම ප්‍රතිශතය 5% ඉක්මවුවහොත් පමණක් සමාජ පැතිරීමක් යැයි හැඳින්විය හැකි බවද  ඔහු පෙන්වා  දුන්නේය .

අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගනිමින් පවත්වාගෙන යාමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හැකිව ඇති බවයි.

එම තත්ත්වයන් ආරක්ෂා කරගැනීමට ජනතාව මෙතෙක් ලබා දුන් සහයෝගය තවදුරටත් අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවේ ය.