කොවිඩ් එන්නත මගින් , නව වෛරස ප්‍රභේදයද මැඩලිය හැකියි!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව දැනට  නිෂ්පාදනය කරඇති කොවිඩ් -19 එන්නත් භාවිතා කර , බ්‍රිතානයෙන් හමුවූ  නව කොවිඩ් වෛරස්  ප්‍රභේදය ද මර්දනය කිරිමේ හැකියාව පවතින බවට මේ වනවිට  තහවුරු වී ඇතැයි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ,  විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය

ඒ අනුව දැනට නිෂ්පාදනය කර ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඇතුළු කොවිඩ් එන්නත්, මෙම නව වෛරසයට එරෙහිවැඩ ක්‍රියාත්මකවන බව පර්යේෂණ හරහා අනාවරණය වී ඇති බවත් එය සුහදායක කරුණක් වන බවත් සමරවීර මහතා මාධ්‍ය වෙත අද පැවසීය

මෙරට කොවිඩ් මර්දනය සඳහා බොහෝවිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගැනීමට හැකිවනු ඇතිබවද  ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙහිදී පැවසීය

ඔහු සඳහන් කළේ අදාළ එන්නත ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කිරීමට ආයතන අතර එකඟතාවක් පවතින බවය.

.