දකුණු හා අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව හොරණදී විවෘතවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දකුණු සහ අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පස්වරුවේ ,  විවෘත කෙරිණ ..

මෙම නව කර්මාන්තශාලාව හොරණ, වගවත්ත අපනයන සැකසුම් කලාපයේ ඉදිකර ඇත.

අති නවීන යුරෝපීය තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් යුක්ත මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක් අපනයනය ඉලක්ක කරගනිමින් නිපදවෙන අතර කුඩා මෝටර් රථවල සිට දැවැන්ත බර වාහන දක්වා සියලු කාණ්ඩයේ ටයර් මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතය.