ඉන්දීය ජනරජ දිනය අදයි . (සජීවී විකාශය)

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ 72 වන ජනරජ දිනය අදට යෙදී ඇත ..
කොරෝනා වසංගත ව්‍යාප්තිය මධ්‍යයේ මෙවර ජනරජ දිනය සංවිධානය කර ඇති බැවින් එහි සැමරුම් කටයුතු සෙසු වසරවලට සාපේක්ෂව වෙනස් මුහුණුවරක් ගනු ඇති.

මෙවර රිපබ්ලිකන් දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා ලැබූ එංගලන්ත අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් ඊට සහභාගී නොවේ.

එංගලන්තයේ කොරෝනා ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් උත්සන්න වීම ඊට හේතුවයි.

ඉන්දීය ජනරජ දින උළෙල ප්‍රධාන ආරාධිත අමුත්තකුගෙන් තොරව පැවැත්වෙන්නේ වසර 55 කට පසු ප්‍රථම වරටයි.

ජනරජ දින උළෙල සැමරුම් සීමා කර ඇති අතර පෙළ පාලිය ද පෙර වසරවලට සාපේක්ෂව කෙටි කර තිබේ.

ජනරජ දින පෙළපාළියට සහභාගී වන ආරක්ෂක බලඇණි සංඛ්‍යාව 96 ක් දක්වා සීමා කර ඇති අතර සෑම සාමාජිකයකුම මුව ආවරණයක් පළඳිනු ඇත.

ආචාර්ය බී. ඩී. අම්බේඩ්කාර්ගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ කමිටුවක් කෙටුම්පත් කළ ඉන්දීය ව්‍යවස්ථාව 1950 වසරේ ජනවාරි මස 26 වන දින ඉන්දීය ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව මගින් බලාත්මක කිරීමත් සමග වාර්ෂිකව එදින ජනරජ දින උළෙල සැමරීම ආරම්භ විය.

එකිනෙකා අතර පවතින සියලු වෙනස්කම් අමතක කර දමා සෑම ප්‍රජාවක්ම එකම රටක පුරවැසියන් සේ ඉන්දීය ජනරජ දින සමරුමට එක්වීම විශේෂත්වයකි.

 

ඉන්දියාවේ පැවැත්වෙන ජනරජ දින ජාතික උත්සවය හා පෙළපාලිය සජීවීව නරඹන්න