නව කොවිඩ් ප්‍රභේද නිසා ඉන්දියාවේ යලිත් සංචරණ සීමා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේද ඉන්දියාවෙන් ද වාර්තා වීම හේතුවෙන් නව සංචාරක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත .

බ්‍රිතාන්‍යය, යුරෝපය සහ මැදපෙරදිග රටවල සිට පැමිණෙන පුද්ගලයින් හැර සෙසු රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා එම මාර්ගෝපදේශන අදාලවේ.

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව වෛරසයේ ආසාදිතයින් සිව් දෙනෙකු සහ බ්‍රසීලයෙන් හඳුනාගත් වෛරසයේ එක් ආසාදිතයෙකු මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

මීට අමතරව බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයේ ආසාදිතයින් 187 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.