කලක් බැබලුණු ට්‍රම්ප් ප්ලාසා තත්පර 20කදී බිමට පුපුරුවා දමයි

Picture of අසංක

අසංක

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත්ව තිබී බංකොළොත් වීම නිසා පසුව අත්හැර තිබූ ට්‍රම්ප් ප්ලාසා හෝටලය සහ කැසිනෝ මහල් ගොඩනැගිල්ල තත්පර 20ක් තුළ ඩයිනමයිට් කූරු 30000ක් පුපුරුවා මුළුමනින්ම විනාශ කර තිබේ.

1984 දී නිව් ජර්සිහිදී අත්ලාන්තික් නගරයේ ආරම්භ කරන ලද මහල් 8කින් යුත් මෙය අත්ලාන්තික් සිටිහි ට්‍රම්ගේ කැසිනෝ 3න් එකක් පමණි.

1980 දශකයේ ට්‍රම්ප් ප්ලාසා කැසිනෝ ශාලාව එවකට හැමවිටම පිරීගොස් තිබුණේ ප්‍රභූන්, හොලිවුඩ් කලාකරුවන්, ජනප්‍රිය පුද්ගලයින්, සුපිරි ක්‍රීඩකයන් හා ධනවතුන්ගෙනි.

ඩොලර් මිලියන 210 ක වියදමින් ඉදිකරන ලද මෙම කැසිනෝ ශාලාව බංකොලොත් වීම නිසා 2014 සිට වසා දැමූණි. නමුත් එය 2013 දී ඩොලර් මිලියන 20 කට එනම් පාඩුපිට සුළු මුදලකට විකුණා ඇත.

හාඩ් රොක් හෝටලය සහ කැසිනෝහල ද බංකොලොත් වීම නිසා 2017 දී ෆ්ලොරිඩාවේ සෙමිනොයිල් ගෝත්‍ර සමූහයට විකුණන ලදී.

එය විකිණීමත් සමඟ ට්‍රම්ප් එන්ටර්ටේන්මන්ට් සූදු සහ හෝටල් ව්‍යාපාරය සතුව ඉතිරිව තිබුණේ එක් කැසිනෝවක් වන ට්‍රම්ප් ටජ් මහල් ය.