මෑතකදී විවාහ වූ යුවළක් ගිනිතබාගෙන මරුට – බිරිද ගැබිනියක්

Picture of අසංක

අසංක

විල්ගමුව පොලිස්‌ වසමේ මීවාඔබේ, නුගගොල්ල ප්‍රදේශයේදී නිවස ඉදිරිපිට වෙළඳසැලක්‌ තූල විවාහක යුවළක්‌ ගිනි තබාගෙන මියගොස්‌ ඇති බවට විල්ගමුව පොලිසියට ලද පණිවිඩයක්‌ මත චිමර්ශන ආරම්භ කර ඇත.

මෑතකදී විවාහ වී ඇති ඔවුන් මියයන විට බිරිද ගැබිනියක්ව සිට ඇති බව පොලීසිය කියයි.

ඊයේ (18) රාත්‍රි 10.00 ට පමණ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක්‌ වන සැමියා සහ වයස අවුරුදු 23ක් වන බිරිද ය.

මොවුන්ට මසියදිවි නසාගැනීමට තරම් බරපතළ ආර්ථික ගැටලු නොවූ බව ඥාතීහු පවසති.

මරණකරුවන්‌ ඉහත ලිපිනයේ පදිංචිකරුවන්‌ වන අතර මෘත ශරීර පොලිස්‌ ආරක්ෂාව යටතේ එම ස්ථානයේම ඇත.

මූලික මහේස්ත්‍රාත්‌ පරීක්ෂණය සහ පශ්චාත්‌ මරණ පරීක්ෂණ අද(19) දින සිදු කිරීමට නියමිතව ඇත.

විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.