දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව ගැන සජිත් මැතිසබේ විවාදයක් ඉල්ලයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
 ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව සභාගත කර විවාදයක් ලබාදෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව නිත්‍යානූකූල ලෙස එළිදක්වා නොමැති බවය.
එය පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි ඉල්ලුව ද එය ද ඉෂ්ට වී නොමැති බව සඳහන් කර සිටි ප්‍රේමදාස මහතා, එම කොමිසමට අමතරව විශේෂ ජනපති කොමිසමක් පත්කළ බවත් එහි වාර්තාව මාස තුනක් ඇතුළත් ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි ද පැවසීය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,
“වහාම රජයට කියන්න කැමති ඊළඟ පාර්ලිමේන්තු දිනයේ දීම එම කොමිෂන් සභා වාර්තාව සභාගත කරලා, ඒ සතියේ ම අපිට අවශ්‍යයි කොමිෂන් සභා වාර්තාව පිළිබඳව පුළුල් විවාදයක්. රජය විවේචනය කරන දේශපාලන නායකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ අරමුණින් යම් යම් ක්‍රියාදාමයන් සිදුවෙනවා නම් එය අපි දකින්නේ බියගුළු දේශපාලන ක්‍රියාවක් ලෙසයි. “