වේල්ලවීදියෙන් මළ සිරුර හමුවූ තරුණියගේ මරණයට හේතුව හිස ආශ්‍රිතව සිදු වූවක්!

Picture of අසංක

අසංක

කොළඹ කොටුව වේල්ල වීදියේ බෑගයක් තුළ තිබී හමුවූ තරුණියගේ මළ සිරුරේ හිස නොමැතිවීම හේතුවෙන් මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු කර ගැනීමට නොහැකි වීම නිසා විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූව ද සිරුරට විෂ ඇතුළු වීමක්, පහරකෑමක සලකුණු හෝ ඇය ගැබිණියක් බවට සලකුණු ද නොමැති වීම නිසා නිශ්චිත හේතුවක් පැවසිය නොහැකි වී ඇත.

මරණයට හේතුව හිස ආශ්‍රිතව සිදු වූ යම් දෙයක් බැවින් හිස කොටස නොමැතිව මරණයට අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බැවින් අධිකරණ වෛද්‍ය නිලධාරීන් විවෘත තීන්දුවක් ලබාදීමට තීරණය කර ඇත.

තවදුරටත් මේ පිළිබඳ විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.