මධූෂ් ළගදිම මෙරටට එනවා’ – නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් කියයි

Picture of අසංක

අසංක

‘ඉෂාර රත්නකාර

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතා කල්ලි නායක මාකදුරේ මධූෂ් නමැත්තා ඉදිරි සතියක පමණ කාලයකදී මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත අද දන්වා සිටියේ ය.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහි නඩුවක් කැදවූ අවස්ථාවේදී දිලීප පීරිස් මහතා ඒ බව දැනුම් දුන්නේ ය.

සැකකරු ලබන 23 වැනි දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කෙරිණි.