වැලිකඩ රිමාන්ඩ් එක ඇතුළේ ඝාතන තැතක් හෙළිවේ

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවූවකු වෙත ලබාදුන් සයනයිට් කුප්පි සහ එන්නත් සිරින්ජ එහි සිටින සමන් පුෂ්පකුමාර හෙවත් ‘මරාල සුරංග’ නමැත්තාගේ විරුද්ධවාදීන් දෙදෙනකු ඝාතනය සදහා යොදාගැනීමට තැත් කළ බවට හෙළිවී තිබේ.

සයනයිට් කුප්පි 2ක් හා සිරින්ජ 2ක් මෙලෙස මරාල සුරංග නමැත්තාට ලබාදී ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පරීක්ෂා කිරීමේදී මේ බව හෙළිවී ඇත.

සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති අතර සැකකරු ඝාතන තැත සම්බන්ධයෙන් හෙළිකර තිබේ.

බන්ධානාගරගතව සිටින මරාල සුරංග නමැත්තා ඝාතනය කිරීමට උත්සහ කර ඇත්තේ එහි සිටින තවත් රැදවූවන් දෙදෙනෙකි.