අදින් පසු කරන්ට් කැපිල්ලක් නෑ – වාසුගෙන් FCIDයට පැමිණිල්ලක්

Picture of අසංක

අසංක

අදින් පසු විදුලි කප්පාදුව අවසන් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා තිබේ.

තවමත් අර්බුදයේ පවතින විදුලි ඉල්ලුම පෞද්ගලික අංශයෙන් සපුරාගැනීම සඳහා රජය පියවර ගැනීම නිසා අදින් පසු අඛණ්ඩ විදුලි සැපයුමට පියවර ගෙන ඇත.

මේ අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත මතුව ඇති විදුලි අර්බුදය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයිග

විදුලි අර්බුදය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් කොටුව දුම්රියපොල ඉදිරිපිට ඊයේ පැවති අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමින් හෙතෙම මේ බව කියාසිටියේ ය.

මෙම වැඩසටහන සංවිධාන කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විසිනි.