අගමැති ආරක්ෂක අංශයේ කලක ඉඳන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නෑ

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

මාස 2ක් පමණ තිස්සෙ අගමැති ආරක්ෂක අංශයට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නැතැයි අනාවරණය වෙයි.

අගමති ආරක්ෂක අංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ මහතාට සේවා දිගුවක් ලබා නොදීමද ඊට හේතුවී තිබේ.

ජයන්ත වික්‍රමසිංහ මහතාගේ සේවා කාලය ඉකුත් පෙබරවාරි 01 වැනිදා සිට අවසන් විය.

ඔහුට වසරක සේවා දිගුවක් ලබා දෙන ලෙස අගමැති විසින් විෂය භාර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබී ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය.

එහෙත් ඔහුට සේවා දිගුවක් ලබාදීමට කැබිනට් මණ්ඩලයට ඔහිගේ නම ඉදිරිපත් කර නැතැයි ද වාර්තා වේ.