බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හෙට සිට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

හෙට (11) සිට ලබන 20 වැනිදා තෙක් දවසේ පැය 24 පුරාම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දිවයින පුරා ක්‍රියාත්මක වේ.

උත්සව සමයේදී අනතුරු බොහොමයකට හේතුව බීමතින් රිය පැදවීම නිසා මෙම මෙහෙයුම ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට බාධාවක්ව තිබූ ශ්වසන නාළ හිඟය මේ වනවිට අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ඊට හේතුව මේ වනවිට ශ්වසන නාළ 25000ක් ගෙන්වා තිබීම වන අතර ඒවා පොලිස් ස්ථාන වෙත බෙදාහරිමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.