කොරෝනා ව්‍යාප්තිය පාලනය නොකළහොත් රටේ ආර්ථිකය “නැත්තටම නැතිවී’ යාවි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුල මේ මොහොතේ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි පියවර නොගතහොත්, ඉතා බරපතල තත්වයකට රට ඇද වැටෙනු ඇති බවත් ඒ හරහා රටේ ආර්ථිකයද   ‘නැත්තටම නැතිවී” යනු ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය අවධාරණය කර සිටී .

එම නිසා පැලැස්තර විසඳුම් වලට නොයා , ගත යුතු පියවරයන් ප්‍රමාද නොකර ගතයුතු බවද ඇය මාධ්‍ය වෙත පැවසීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මෙසේද පැවසීය ,

“රට තුන්වන කොරෝනා රැල්ලක අභිමුව තිබෙන්නේ . එමනිසා වහා කොරෝනා ව්‍යාප්තිය සිදුවන ” කරාමයන් ” වසා දැමිය යුතුයි . එසේ නැතිව පැලැස්තර අලවා මෙය පාලනය කරන්න බැහැ . කොරෝනා ව්‍යාප්තිය ඉහල  ගියහොත් කොහොමටත් රටේ ආර්ථිකයත් සම්පූර්ණයෙන්ම විනාශ වනවා. එය අවබෝධ කරගැනීම වැදගත් “