යුරෝපයටත් වඩා වේගයෙන් මෙරට තුල කොරෝනාව පැතිරෙනවා – පාලනය නොකළොත් විශාල ඛේදවාචකයක් සිදුවේවි!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුරෝපයේ පැතිරීගිය වෛරස් ප්‍රභේදයට වඩා ඉතාම සීඝ්‍රයෙන් මෙවර ශ්‍රී ලංකාව තුල  වෛරසය පැතිර යාම ආරම්භ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා අනතුරු අඟවා සිටී

රෝගීන් වාර්තා වීම මෙලෙස  දිගින් දිගටම සිදු වූවොත් එය දරාගත නොහැකි තත්වයකට පත් වන බව ද රෝහල් ධාරිතාව ඉක්මවා යමින් රෝගීන් වාර්තා වුවහොත් එය විශාල ඛේදවාචකයක් විය හැකි යැයි ද ඔහු මාධ්‍ය වෙත අද අවධාරණය කර ඇත

කොරෝනා ව්‍යාප්තිය වැඩි විය හැකි නිසා තවත් බොහෝ දෙනකු ඊට ගොදුරු වී මිය යාමෙන් බේරා ගැනීමට ඉතා සැලකිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු අවධාරණය කරයි.