ශ්‍රී ලංකාව පසුවන්නේ කොවිඩ් තුන්වන රැල්ලේ ආරම්භක අවස්ථාවේ – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වන විට ශ්‍රී ලංකාව කොරෝනා තුන්වන රැල්ලක ආරම්භක අවස්ථාවේ සිටින බවත් මෙය ඉතාමත් අවදානම් අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කර සිටී .

මෙම අවදානම පිළිබඳව තම සංගමය වගකිවයුතු සෑම අංශයකටම දැනුම් දී ඇති බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය සඳහන් කර සිටී .

මේ මොහොතේ වෛරස ව්‍යාප්තිය පාලනයට පියවර නොගතහොත් ප්‍රතිඵල භයානක විය හැකි බවද සභාපතිනිය අවධාරණය කර සිටී