පන්නල නිවසක පිපිරීමක් – දෙදෙනකුට තුවාල

Picture of අසංක

අසංක

ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක ඊයේ (24) රාත්‍රී සිදු වූ පිපිරීමක් සිදුව තිබේ.

රතිඤ්ඤා තුළ තිබූ වෙඩි බෙහෙත්‌ ඉවත්‌ කර ඒවා යකඩ බටයකට දමා විදුලි උපකරණයකින් බටය කැපීමට යාමේදී මෙම පිපිරිම සිදුව ඇති බව වාර්තා වේ.

පිපිරීමෙන් පුද්ගලයින්‌ දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පිපිරීමෙන්‌ තුවාල ලබා ඇත්තේ 22 හැවිරිදි සහ 27 හැවිරදි තරැණයින්‌ දෙදෙනෙකි.

ඔවුන් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්‍ෂණ
රෝහලට ඇතුළත්‌ කර ඇත.