ළමුන් අතර පැතිරෙන තවත් වෛරස් උණක්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ දිනවල ළමයින් අතර වයිරස් උණ රෝගයක් පැතිර යන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහන් කර සිටී

උණගතිය, අත,කටවටේ සහ කකුල්වල රතු ලප හට ගැනීම දිව තුවාලවීම ඇඟපත කැසීම, ඇඟපත වේදනාව එම වයිරස් උණ රෝගයේ ලක්ෂණ බව ද එම රෝහලේ විශේෂඥ වෛද්‍ය  දීපාල් පෙරේරා මහතා මාධ්‍ය වෙත පැවසීය

මෙම උණ රෝගයට ගොදුරු වුවන්ගෙන් ඇතැමකුගේ නිය පොතු හැලීම පවා සිදුවන බව ද ඒ මහතා පැවසීය .

ඇතැම් ළමයින්ට මෙම වයිරසය වැළඳුනද උණගතියක් නොපෙන්වන බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කර සිටී .