සියලු පාසල් 07 දක්වා වැසේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිවයිනේ සියලු පාසල් මැයි හත් වැනි දා දක්වා තව දුරටත් වසා තැබීමට රජය තීරණය කර ඇත

කොරෝනා වෛරසය  ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමින් රජය  මෙම තීරණය ගෙන ඇත

සෞඛ්‍ය බලධාරීන් සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස්  මහතා  කියා සිටියේය.

ඒ අනුව  රජයේ පාසල්,කතෝලික පාසල්, පෞද්ගලික පන්ති, පිරිවෙන් ඇතුළු අධ්‍යාපන ආයතන මෙසේ වසා තැබෙනු ඇත.