කොරෝනා එන්නත් දෙකක්ම මෙරටදී නිෂ්පාදනය කිරීමට සැලසුම් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මර්දන එන්නත් නිෂ්පාදන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුලත් ආරම්භ කිරීමට  රජයේ අවධානය යොමුව ඇති බව  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටී .

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මාධ්‍ය වෙත  කියා සිටියේ ඒ අනුව  රුසියානු ස්පුට්නික් එන්නත සහ චීනයේ සයිනොෆාම් එන්නත මෙරදී නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එම රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවය

.කොරෝනා මර්දන එන්නත් නිෂ්පාදන සමාගම් සිය තාක්ෂණික දැනුම රජයේ ඖෂධ නිෂ්පාදන ආයතන වෙත ලබාදී ඒ හරහා මෙරට තුළ ආයෝජන සිදු කිරීම අපේක්ෂාව වී තිබෙන බවද ඒ මහතා පැහැදිලි කළේය .

.මේ වනවිට එම රටවල තානාපති කාර්යාල වෙතින් මීට අදාලව ඉතා සුභදායී ප්‍රතිචාරයක් ලැබී ඇති බවද ඒ මහතා පැවසීය .