සියළු සතුරු බලවේග වලට ඉහළින් මගේ දෛවය පවතිනවා – ගෝඨාභය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ (12) දින ඇමරිකානු සංචාරය නිම කරමින් ශ්‍රී ලංකාවට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි සිටි මාධ්‍යවේදීන් හමුවේ සුවිශේෂී ප්‍රකාශ කීපයක් කරා

මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් ඇසූ ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ එතුමාට ඇමරිකාවේදී ලබා දුන්නා යැයිකියන අධිකරණ ලියවිල්ල පිලිබදවයි මෙහිදි අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා

මා ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටිය කාලය තුළ , එවැනි අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධව කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් භාර දුන්නේ නෑ. ඒ වගේම  ඇමෙරිකා එක්සත් ජනපද රජයද තමාට එරෙහිව කටයුතු නොකළ බවත් ඔහු පැවසිය .

පසුගිය වසර හතර හමාරක කාලය තුළ තාඩන , පීඩන , මඩ ගැසීම් , අවලාද වලට මුහුණ දුන්නා  සේ , රටේ අනාගතය වෙනුවෙන් ඉදිරි මාස කීහිපය තුළදීත් තමා ඒවාට මුහුණ දීමට සූදානම් බවද ඔහු පැවසීය .

මේ සියලු සතුරු බලවේග වලට ඉහළින් තම දෛවය පවතින බවද එතුමා අවසාන වශයෙන් සඳහන් කළේය.

මේ අවස්ථාවට විශාල පිරිසක් සහාභාගි වී සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට පිවිසීමට සදහා එතුමා ලබා සිටි ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගත් බවත් සහදන් වුනා.