අවුරුදු නැකතට පැලයක් සිටුවන්න – ජනපති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සිංහල අලුත් අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන ජනතාවගේ වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සරිසේන මහතා සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටි.

පරිසර සංරක්ෂණයේ වටිනාකම අද අප රට පමණක් නොව මුළු ලෝකයම හඳුනාගෙන තිබෙන බව ජනාධිපති ප‍්‍රකාශ කළේ ඊයේ (12දා) පෙරවරුවේ මඩකලපුව වේබර් ක‍්‍රිඩාංගණයේ පැවති  ,රට වෙනුවෙන් එකට සිටිමු, ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.