වධහිංසා පිළිබඳ ජගත් සංවිධාන කමිටුවෙන් රජයට රහස් වාර්තාවක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ , වධ හිංසා වැලැක්වීම සඳහා වූ ජගත් සංවිධාන විශේෂ උප කමිටුව , රහස්‍ය වාර්තාවක් මෙරට රජය වෙත භාරදීමට නියමිත ඇත.

පසුගිය 02 දින සිට 12 දින දක්වා මෙරට නිරීක්ෂණ චාරිකාවක නිරතවූ මෙම කමිටුව , තම නිරීක්ෂණයන් හා නිර්දේශයන්ද සහිත විශේෂ රහස්‍ය වාර්තාවක් ඉදිරි සති කිහිපය තුළත මෙරට රජය වෙත ලබාදෙනු ඇති බව ජගත් අන්විධාන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එසේම එම කමිටුව ජගත් මානව හිමිකම් කොමිසම වෙතද වාතාවක් ලබාදීමට කටයුතු කරනු ඇත. මෙම සංචාරයේදී මෙරට රජයේ අමාත්‍යවරුන් , ඉහල නිලධාරීන් ,මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සමගද සාකච්ජා පැවැත්වූ මෙම ජගත් අනු කමිටුව, මෙරට බන්ධනාගාර, පොලිස් ස්ථාන, විවිධ රැඳවුම් මධ්‍යස්ථාන මෙන්ම මානසික රෝහල් ආදී ස්ථාන රැසක් නිරීක්ෂණය කිරීමටද පියවර ගත්හ .