අලුත් අවුරුද්දට සිරකරුවන් පිරිසක් නිදහස් කරන ඉල්ලීමට තවම උත්තර නෑ

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අද (13) සහ හෙට (14) සිරකරුවන් බැලීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට විශේෂ අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

, එසේම අලුත් අවුරුද්දට සමගාමීව බලපත්‍ර මත නිදහස් කිරීම සම්බන්ධයෙන් සිරකරුවන් 11 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැත.