බහුතරයක් දරුවන් පාසල අතහැරීමට හේතුව දුප්පත්කම බව හෙළිවෙයි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ/ ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පාසල් වයසේ දරුවන් පාසල් අධ්‍යාපනය අත්හැර දමන ප්‍රධානතම හේතුව වී ඇත්තේ ආර්ථික අපහසුතා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්ෂණයකදී මේ බව හෙළිවී තිබේ.

2017 වසරේදී මෙම සමීක්ෂණයට අදාළ වාර්තාව නිකුත් කර ඇත.

ඒ අනුව 2664 දෙනකු අතුරින් 1547 දෙනකුම ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් අධ්‍යාපනය අතහැර දැමූ බවට අනාවරණය වී ඇත.

ආර්ථික අපහසුතා මත පාසල අත්හැර දැමූ ප්‍රතිශතය 58.1%කි.

පාසල් යාමට අකමැත්ත මෙන්ම පාසල ඉතා දුරින් පිහිටීම, පාසල එපාවීම, ආබාධිත බව, කිසි දිනෙක පාසල වෙත නොයාම ආදි කරුණු ද දරුවන් පාසල් නොයා සිටීමට බරපතළ ලෙස බලපා ඇති බව පෙනී යන කරුණකි.


මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යාංශය