චීනයේ තානාපති කාර්යාලයද ඇතුළු රජයේ ආයතන 4කට සයිබර් ප්‍රහාර !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය ඇතුළු මෙරට රජයේ ප්‍රධාන ආයතන හතරක වෙබ් අඩවි වෙත ” සයිබර් ” ප්‍රහාරයක් එල්ලවී ඇත

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සඳහන් කර ඇත්තේ   කිසියම් කණ්ඩායමක් එම වෙබ් අඩවි විකෘති කර ඇති බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශය , විදුලිබල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රජරට විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිවල දත්ත මෙලෙස විකෘති කර ඇතැයි, අද අලුයම එම සංසදය හඳුනාගෙන ඇත

ඉන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩල වෙබ් අඩවි මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇතැයිද එම සංසදය සඳහන් කර සිටී ,

,ඒ,අ සයිබර් ප්‍රහාරයේදී  ම දත්ත සොරා ගැනීමක් සිදුව නැතත් දත්ත විකෘති කිරීමක් සිදුකර ඇති බවටද වාර්තාවේ .