අවුරුදු දා පළාත් 5කට වැසි ඇදවැටෙයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

බස්නාහිර ,සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලටත් අද (14) පස්වරු 2.00 න් පසු මිලිමීටර් 50 ට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

කෙසේ වෙතත් උතුරුමැද, වයඹ පළාත සහ හම්බන්තොට, මොණරාගල, ගම්පහ, මන්නාරම, වවුනියාව, මුලතිව් යන දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලට අද දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.