ඉදිරි දිනවලදී අකුණු සහිත වැසි තත්ත්වයක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසක ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ලබන 18 වනදා දක්වා සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, වයඹ සහ උතුරුමැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්වලත් මෙම ප්‍රබල අකුණු තත්වයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට සුළඟේ වේගය ද ඉහළ යා හැකි බවද දෙපාර්තමේන්තුව තම නිවේදනයේ සඳහන් කර ඇත.