ත්‍රස්ත සැකකරුවන් ලෙස ලන්ඩනයේදී අත්අඩංගුවට ගත් ලාංකිකයන් මුදාහැරේ

Picture of අසංක

අසංක

ප්ප්‍රබෝධා හෙට්ටිආරච්චි

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ලූටන් ගුවන් තොටුපොළේදී පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 04 දෙනා මුදාහැර තිබේ.

මෙට්‍රොපොලිටන් පොලීසිය පවසන්නේ ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.

මෙම ලාංකිකයින් අත්ඩංගුවට ගනු ලැබුවේ, තහනම් ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකත්වය දැරීමේ චෝදනාව යටතේයි.

ඔවුන්ගෙන් මෙතෙක් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණේ බෙඩ්ෆොඩ්ෂයර් පොලීසියේ රදවාගෙන ය.

පෙර පුවත මෙතැනින් http://tiny.cc/u9r94y