9 දෙනකු ඝාතනයට සැලසුම් කළ දැරියන් දෙදෙනකු අත්අඩංගුවට – ඝාතන සැලසුම දීර්ඝ ලිපිගොනුවකින් හසුවේ

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පුද්ගලයන් 9 දෙනකු ඝාතනය කිරීමට සැලසුම් කළ අමෙරිකාවේ ෆ්ලොරිඩාහි බාලවයස්කාර දැරියන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇවොන් පාක් මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි දැරියන් දෙදෙනෙකි.

ඔවුන්ගේ ඝාතන සැලසුම සම්බන්ධව සියලු විස්තර සදහන් ගොනුවක් හමුවීමෙන් පසුව ගුරුවරයා විසින් පොලීසියට මේ බව පැමිණිලි කර තිබේ.

පිටු 8කින් යුක්ත ලිපිගොනුවක ඝාතන සැලසුමට අවි ආයුධ සොයාගන්නා ආකාරය, ඝාතනය සිදුකරන ආකාරය හා සිරුරුවලට කරන දේ යන සියල්ල එහි සදහන්ව ඇතැයි පොලීසිය පවසයි.

ඝාතනය සිදුකිරීමට පෙර 3 අකාරයකට ඔවුන් පැහැරගැනීමට ද සැලසුම් කර තිබී ඇත.

මෙම ලිපිගොනුව ‘පෞද්ගලික තොරතුරු’ ‘විවෘත නොකරන්න’ ‘11/9 ව්‍යාපෘතිය’ ආදි ලෙසින් නම් කර තිබී ඇති අතර එම ලිපිගොනුම හිස්ටීරියාව වැළදුණු අය මෙන් ප්‍රවේශම් කළ බවත් ඒවා ගුරුවරිය සොරාගත් පසුව බියවී සෙවූ බවත් ගුරුවරිය සාක්ෂි දෙමින් පවසා තිබේ.

ඝාතනය සිදුකරන ක්‍රියාවලිය තුළදී කිසිදු ලෙසකින් තමන්ගේ අනන්‍යතාව තහවුරු නොවන ආකාරයට නියපොතු හෝ නොපෙන්වා සිටිය යුතු බවට ආදී ස්ව නීති රීති මාලාවක් ද එහි සදහන් කොට තිබී ඇත.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දීර්ඝ වශයෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරෙමින් පවතී.