කටුනායක ගුවන්තොටුපළ ආරක්ෂාව තර කෙරේ – යන අයට විශේෂ නිවේදනයක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව , තර කිරීමට ගුවන්තොටුපල බලධාරීන් මේ වනවිට පියවර ගෙන ඇත.

අද (21) උදෑසන ගුවන් තොටුපළ අවට පල්ලි කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල වීමත් සමඟම මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන් හැර වෙනත් කිසෙවෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු කර නොගැනීමට මෙන්ම , එසේ පැමිණෙන මගීන් සහ ඔවුන් රැගෙන එන ගමන් මලු ද දැඩි පරීක්ෂාවකට ලක්බකිරීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර යොදා ඇත.

එමෙන්ම ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ආරක්ෂාව සඳහා ද වැඩිපුර ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, පොලිස්, ගුවන්, යුධ හමුදා නිලධාරීන් ද යොදවා ඇත.