ගුවන් මගීන් කටුනායකදී පරීක්ෂාවට – ඇතුළු වීම මගීන්ට පමණයි

Picture of අසංක

අසංක

මේ වනවිට පනවා ඇති ඇදිරි නීති වාතාවරණය මත කටුනායක ගුවන්තොටුපලට පැමිණෙන මගීන් සිය ගුවන් ටිකට්පත් ආදිය ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කොට පරීක්ෂාවට ලක්විය යුතු බවට ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම පවසයි.

විදේශගතවීම සදහා යන මගීන්ට පමණක් කටුනායක ගුවන්තොටුපලට යා හැකි අතර ඥාතීන්, හිතවතුන්ට කිසිසේත් ගුවන්තොටුපලට ඇතුළු විය නොහැකි බව ද එම සමාගම නිවේදනය කර තිබේ.