පිටු 3 PLAN ATTACK ලිපිය ඇත්තක්. ආරක්ෂක මණ්ඩලය උණුසුම් වෙයි !

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවපිටිය සහ මඩකළපුව දේවස්ථාන තුනක්, තරු පංතියේ සංචාරක හෝටල් තුනක් සහ දෙමටගොඩ සහ දෙහිවල ස්ථාන දෙකක පුපුරාගිය බෝම්බ ප්‍රහාර මාලාවට පෙර එම ප්‍රහර මාලාව ආරක්ෂක අංශ විසින් කල්තබා දැනගත් බවට සැක උපදවන  PLAN ATTACK ලිපිය අද පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීම උණුසුම් කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බෝම්බ සිද්ධිය වු වහාම ආරක්ෂක මණ්ඩලය රැස්වී ඇත. මෙම හමුව සදහා ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ අනෙකුත් ආරක්ෂක අංශ ප්‍රධානින් සියලු දෙනා එක්ව ඇති අතර අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ද ඊට සම්බන්ධ වී තිබේ.

අමාත්‍යවරුන්වන අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න සහ  රුවන් විජයවර්ධන ඇතුළු ඇමැති පිරිසක් ඊට සම්බන්ධ වුහ.

Information of an Alleged Plan Attack නමින් ඉකුත් 11 වැනිදා ආරක්ෂක අංශ ප්‍රධානීන් දැනුවත් කරමින් හුවමාරුවී තිබෙන ලිපියට අදාල රටේ ආරක්ෂාවට වගකියන පුද්ගලයන් දැනුවත් කිරීම සදහා ලියැවුණු පිටු 3ක ලිපියක් සම්බන්ධයෙන් මෙහිදී පොලිස්පතිවරයාගෙන් අගමැතිවරයා ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.

අදාල ලිපිය රටේ ජනාධිපතිවරයා නොමැති අවස්ථාවේ තමන්ට පසුවදාට හෝ දැනුවත් කිරීමේ වගකීම බැහැරවීම සම්බන්ධයෙන් මෙහිදී උණුසුම් කතාබහක් ඇතිව තිබෙන බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ප්‍රහාරමාලාවක් සහ ඊට සම්බන්ධවන ත්‍රස්තවාදියෙකුගේ නමක් ද අදාල ලිපියේ රාජ්‍ය බුද්ධි සේවය විසින් දන්වා තිබී ඇතැයිද අගමැතිවරයාට පුද්ගලකිව දැනුවත් නොකළද අදාල දැනුවත් කිරීම සිදුව ඇත්තේ පොලිස්පතිවරයාගේ උපදෙස්පරිදි බවද එහිදී හෙළිවී තිබේ.

කෙසේ වෙතත් තත්ත්වය සමනය කිරීම සදහා වහාම ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා ක්‍රියාකාරිත්වය නතර කිරිමටත්, සදුදා සහ අගහරුවාදා පාසල් නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශ කිරීමටත් ආරක්ෂක මණ්ඩල හමුවේදී ඒකමතිකව තීරණය කර තිබේ.

අන්තර්ජාතික වශයෙන් ඒකාබද්ධ වෙමින් බුද්ධි අංශය ශක්තිමත් කරමින් රාටේ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම හමුවේදී අරක්ෂක අංශ ප්‍රධානීන් දැනුවත් කර තිබේ.