පිපිරීම්වලින් 215ක් ජීවිතක්ෂයට – 452 කට පමණ තුවාල | රට පුරා පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මකයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ කොච්චිකඩේ, මීගමුව  කටුවපිටිය සහ මඩකලපුව  දේවස්ථාන තුනක්   ඇතුළු ස්ථාන 8 ක  අද උදෑසන  සිදු වු  පිපිරිම්  වලින්  මිය ගිය ගණන   207  ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී  රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ  මළ සිරුරු 66 ක්  තැන්පත් කරඇති අතර  තුවාල ලැබුවන්ගේ ගණන 260 කි. මීගමුව මහ රෝහලේ මෘත ශරීර ගණන 104 ක් තැන්පත් කර ඇති අතර  තුවලකරුවන්ගේ ගණන 100 කි.මඩකලපුව රෝහලේ  28 දෙනකුගේ  මළසිරුර තැන්පත් කර ඇති අතර  51 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළු කර ඇත.

එමෙන්ම රාගම රෝහලේ 07 දෙනකුගේ මෘත ශරීර තැන්පත් කර ඇති අතර 32 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.ගම්පහ රෝහලට එක් තුවාලකරුවකු ඇතුළු කර ඇත.

එමෙන්ම මේ වන විට උදෑසන ප්‍රහාරය එල්ල වු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි  දේවස්ථානයේ මේ වන විට  හඳුනාගෙත් මළ සිරුරු 30 ක් පමණ ඇති බව පොලීසිය සඳහන් කරයි.