ෂැංග්‍රිලා මිනිස් හිස තව්හිත් ජමාන් නායක සහරාන්ගේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ / රමේෂ් වරල්ලෙගම

කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල වු මරාගෙන මැරෙන ප්‍රහාර දෙකින් එකක් එල්ල කර ඇත්තේ ජාතික තව්හිත් ජමාන් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් බව මේ වවිට ක්‍රියාත්මක මුලික පොලිස් පරික්ෂණවලින් තහවුරුවී තිබේ.

මොහොමඩ් සහරාන්ගේ හිස හෝටල් පරිශ්‍රයේ තිබී සොයා ගැනීමත් සමග මේ බව තහවුරු වී ඇත.මරාගෙන මරෙන මෙම මිනිස් බෝම්බකරුවන් දෙදෙනා ඊට පෙරදින සිට ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන්ගෙන තිබේ.

ජාතික තව්හිත් ජමාන් සංවිධානයේ නායකයා බව කියන මෙම මොහොමඩ් සහරාන් පිළිබදව රාජ්‍ය බුද්ධි අංශ පළමුව තොරුතුරු හෙළිකරගෙන ඇත්‌තේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කිරීමට අදාලව ක්‍රියාත්මක කළ පරීක්ෂණවලදීය.

අන්තර්ජාතික වශයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුවද Plan Attack ලිපියේ මොහොමඩ් සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලසුමක සිටින බව දින 11 ට පෙර රාජ්‍ය බුද්ධි අංශ විසින් දැන සිට ඇත.

මෙම පප්‍රහාරවලට සම්බන්ධ අනෙක් මරාගෙන මැරෙන සාමාජිකයන් අතර මොහොමඩ් සාහිඩ් සහ මොහොමඩ් වාහිඩ් අයිය මලෝ දෙදෙනාද සිටින බව තහවුරුවී තිබේ.

ඔවුන් ගැන මෙයට පෙර තොරතුරු හෙළිව තිබුණේ වනාතවිල්ලුව ප්‍රදේශයේ රහසිගතව පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙනයාමට අදාලවය. ඊට අදාල පරීක්ෂණ ක්‍රියාත්මකව තිබියදී ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් තිබිණි.

මඩකළපුව සහ කොච්චිකඩේ ප්‍රහාරවලට සම්බන්ධව සිටින්නේ ඔවුන් බවට පොලිසිය සැක පහළ කරයි.