ලංකාවේ සංචාරය ගැන අමෙරිකානුවන්ට විශේෂ අවවාද

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න 

ඇමරිකානු රරජය එරට වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාර කරන්නේ නම්, ජනයා බහුල වශයෙන් ගැවසෙන ස්ථානවල නොරැදෙන ලෙස ඇමරිකා රජය එම නිවේදනය හරහා එරට පුරවැසියන්ට දැනුම් දී තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකා බලධාරින් හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබාදෙන උපදෙස් නිසි අයුරින් පිළිපදිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස සියලු අමෙරිකානුවන්ට උපදෙස් ලබාදෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

ඊයේ (21) මෙරට සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවෙන් ඇමෙරිකානුවන් කිහිපදෙනෙකුද ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තාවේ