ඩෙන්මාර්ක ව්‍යාපාරික ධනවතාගේ දියණියන් තිදෙනාම පිපිරීම්වලින් මියගිහින්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න 

ඩෙන්මාර්කයේ ඉහල පෙලේ  ව්‍යාපාරිකයකු  ලෙස  සැලකෙන  Anders Holch Povlsen ගේ දියණියන් තිදෙනාම    ඊයේ (21) දින මෙරටදී සිදුවූ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන්  මරණයට පත්ව ඇති  බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කර තිබේ.

බ්‍රිතාන්‍යයේ වැඩිම ආදායම් ලබන ASOS නමින් හැඳින්වෙන අන්තර්ජාල රෙදිපිලි ව්‍යාපාරයේ වැඩිම කොටස් හිමියා හැටියට සැලකෙන anders  Zalando නමැති ජර්මානු සමාගමේද හිමිකරුය.

ඊට අමතරව ඩෙන්මාර්කයේ ඉඩම් ව්‍යාපාර ක්ෂෙත්‍රයේ ප්‍රමුඛයෙකු වන ඔහු අක්කර 220000 ක හිමිකරුවෙකි.

46 හැවිරිදි Povlsen ට දරුවන් 4 දෙනෙකු සිටින බවත් ඉන් තිදෙනෙකු මෙලෙස මිය ගිය බවත් වාර්තා කර තිබේ.