අමල් ඇතුළු පිරිසක් හෙට මෙරටට – මධූෂ් ළඟදීම

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඇතුළු 6 දෙනෙකු හෙට උදෑසන දිවයිනට පැමිණීමට නියමිතය.

ඔවුන් අද නිදහස් කර ඇතැයි වාර්තා වේ.

මාකඳුරේ මධූෂ් සහ එරට ගරාජයක් පවත්වාගෙන ගිය බදුර්නානා නමැත්තා හැරුණු කොට සෙසු සියලු දෙනා මේ වනවිට නිදහස් කර තිබේ.

ඔවුන් දෙදෙනා ද ලබන සතියේදී මෙරටට එවීම සම්බන්ධයෙන් එරට පොලීසිය අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද වාර්තා වේ.