උමංග බණ්ඩාර
මෙම ප්‍රරහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදින්ගේ චංචල හා නිශ්චල දේපළ රාජ සන්තක කිරීමට පියවර ගත යුතුව ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“මෙයින් මිය ගිය සංඛ්‍යාව 321ක් බවට පත්ව තිබෙනවා. මේක සැලසුම් සහගත ප්‍රහාරයක්. ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධ බවට තොරතුරු තිබෙනවා. මේක සිදුකරේ ජාතික තව්හීද් ජමාත් සංවිධානය .අන්තවාදී සංවිධාන තහනම් කිරිමට පියවර ගන්නවා. ඔවුන්ව නීතිය ඉදිරියට ගේනවා. ඔවුන්ගේ නිශ්චල දේපළ හා චංචල දේපළ රාජ සන්තක කළ යුතුයි.
මොවුන්ට ජාත්‍යන්තර සංවිධාවල සහාය ලැබී තිබෙනවා. මුස්ලිම් ජනතාවත් මේ ප්‍රහාරවලට විරුද්ධයි. අත්අඩංගුවට ගැනිමට මුස්ලිම් ජනතව සහාය දෙනවා. ජනතාවගේ සහාය ආරක්ෂක අංශ වෙතට දෙන්න. කටකතාවලට රැවටෙන්න එපා. බුද්ධි අංශ මේ පිළිබඳව දැනුවත් කර තිබුණා.
කිහිප දෙනෙක් දැනුවත් කර තිබුණත් අගමැතිතුමාටවත් මමවත් දැනුවත් කර තිබුණේ නෑ. ත්‍රිවිධ හමුදාපතිවරුන්ට මේ ගැන දැනුවත් කර තිබුණේ නෑ. අන්තවාදයට ඉඩ දෙන්නේ නෑ.”