අද සිට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදෙන දෙන ස්ථාන මෙන්න

Picture of අසංක

අසංක

අද (01) බස්නාහිර පළාත තුළ එන්නත් මධ්‍යස්ථාන සහ රෝහල් 77ක ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කර තිබේ.

ලබන 6 වැනිදා තෙක් එම එන්නත් මධ්‍යස්ථාන වල එන්නත් ලබාදීම සිදු කරන්නේ astraseneca දෙවැනි මාත්‍රාව ලබා දීම පමණි.

බස්නාහිර පළාත තුළ ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලබාදීමේ අද (01) ආරම්භ වූ සතියක් පුරා ක්‍රියාත්මක වැඩසටහන යටතේ පැය විසිහතර පුරා ක්‍රියාත්මක පළමු එන්නත්කරණ මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.

ඒ කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ එන්නත් මධ්‍යස්ථානයයි.

අද උදෑසන 8.30 ට ආරම්භ වන එම මධ්‍යස්ථානයේ එන්නත්කරණ වැඩසටහන නැවත දැනුම් දෙන තුරු පැය විසිහතර පුරා ක්‍රියාත්මක කෙරෙනු ඇත.

බස්නාහිර පළාත තුළ ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලබාදෙන එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.