කොවිඩ් එන්නත අනිවාර්ය කෙරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අවුරුදු 30ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයන් කොවිඩ් එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය  කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් පිරිස් පිළිබඳව සොයා බැලීම සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සමීක්ෂණයෙන් අනතුරුව  මීට අදාළ  මූලික පියවරයන්  ගැනීමටද රජය සැලසුම් කර ඇත ..

මේ කාරණය පිළිබඳව කොවිඩ් මර්දන කමිටුවේදීද පසුගියදා සාකච්ඡා වී ඇති අතර .විවිධ හේතු නිසා ඇතැම් පිරිස් එන්නත ලබාගැනීමට බිය වී සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත .

කෙසේ වෙතත් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට රජය සියලු පහසුකම් සලසා දී තිබියදී එය මගහැර සිටින්නේ සියයට එකකට වඩා අඩු පිරිසක යැයිද සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත